spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රජයේ මුද්‍රණාලයාධිපතිනිය සිදුකර ඇත්තේ විශාල කුමන්ත්‍රණයක්

” ඊයේ සවස මුද්‍රිත ජන්ද පත්‍රිකා වලින් කොටසක් දීමට හැකි බව ප්‍රකාශ කොට සිටි අතරේ හදිසියේ ඇය ලිපියක් එවනවා අපිට සල්ලි දුන්නොත් විතරයි වැඩේ කරන්නේ කියල. මේක පැහැදිළි කුමන්ත්‍රණයක්. හේතුව දැන් ආණ්ඩුව කීවේ සල්ලි නැහැ කියලනේ. නමුත් මේක කුමන්ත්‍රණයක් කියන්න හේතුව තමයි කොමිසම මුලින්ම ඇහුව කඩදාසි සහ තීන්ත තිබේද කියල . ඔවුන් ඔව් කිවා . දැන් වැඩේ නවත්තල . මේකෙන් පේන්නේ විශාල බලපෑමක් මත තමන්ගේ තනතුර ආරක්ෂා කරගැනීම සඳහා කල වැඩක් මේක.

මැතිවරණ කොමිසම මෙවැනි නිළධාරීන්ට එරෙහිව තමන්ගේ බලය යෙදිය යුතුයි හපුහින්න සිදුවීමේදී වුවත් කොමිසම ඔහුට ලිස්සල යන්න හැරිය . එබැවින් මේ නිළධාරිනිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 උ උ ව්‍යවස්ථාව උල්ලංඝනය කොට තිබෙන බැවින් ඇයට එරෙහිව විනය පරීක්ෂණයක් කල යුතුයි . ඊළඟ තනතරු අපේක්ෂාවෙන් මේ මිනිස්සු ලක්‍ෂ 168 ක ජන්දදායකයන්ගේ අයිතීන් තමයි පරදුවට තබල තියෙන්නේ. “

මංජුල ගජනායක,
විධායක අධ්‍යක්‍ෂ , ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය (IRES)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?