චීනයේ අධිවේගී මාර්ගයක් කඩා වැටෙයි

චීනයට බලපා ඇති අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග ග්වැන්ඩොන්ග් පළාතේ කඳුකර ප්‍රදේශයෙක් හරහා වැටී තිබූ අධිවේගී මාර්ගයක කොටසක් කඩා වැටී පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වැසි සමග අධිවේගී මාර්ගයේ අඩි 58 ක කොටසක් කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරත් සමග තවත් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, අධිවේගී මාර්ගය කඩා වැටීමට නිශ්චිත හේතුවක් මෙතෙක් චීන බලධාරීන් ප්‍රකාශයට පත්කර නැහැ.

තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල නොවන අතර, චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ පළාත් රජය හදිසි ප්‍රතිචාර දැක්වීමේ නිලධාරීන් 500 ක් එම ස්ථානයට යොමුකර ඇති බවයි.

අධිවේගී මාර්ගයේ කඩා වැටුණු කොටසට වාහන 20ක් වැටී ඇති බවයි බලධාරීන් පවසන්නේ.

චීනයේ වඩාත්ම ජනාකීර්ණ පළාතක් වන ග්වැන්ඩොන්ග් පළාතේ පසුගිය සතියේ ඇති වූ හදිසි ගංවතුර හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් 110,000 කට වැඩි පිරිසක් අවතැන් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:33
Video thumbnail
මොරටුව සලිත කරමින් ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති - හැමෝටම උපදෙස් දෙයි
03:35
Video thumbnail
සොයිසාපුර ගින්න ගැන නි. ඇමති එරංග හෙළිකල දේ - මිනිස්සු ජීවත්වෙනවා කියලා හිතන්නේ නැතුව හදපු නිවාස
07:42
Video thumbnail
අනෝජන් ගැන ප්‍රශ්න කරද්දි ඇමතිතුමා සෘජු පිළිතුරු දෙන්න අකමැති වුණා
07:01
Video thumbnail
සජබ විරෝධතාවට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - ආතල් දාන්න නෙවෙයි පාර්ලිමේන්තුවට එන්නේ..ඇයි මෙච්චර බය ?
10:57
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.24
09:18:51
Video thumbnail
අනේ මට මැ#න්න බෑ..ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට - උඹ ආවනම් ගුටි කාගෙන හිටපන් කියනවා ඒජන්සිය බැන්නා
06:10
Video thumbnail
"පිස්සුද අනේ..හරිනිට එහෙම කොන්දක් තියෙනවද ?"රෝහණ නැගිටලා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
08:09
Video thumbnail
රාවණා ඇල්ල නැරඹීමට ආ නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
01:11
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු - බිම බලාගෙන යන හැටි
00:27