රජයේ පාසල් සඳහා ගුරුවරුන් 8000ක් බඳවා ගැනීමට ඉදිරියේ දී පියවර

ඉදිරියේ දී රජයේ පාසල් සඳහා ගුරුවරුන් අටදහසක් බඳවා ගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා පවසනවා.

මේ අනුව උපාධිධාරී ගුරුවරු 5500ක් සහ දෙවන භාෂා ගුරුවරුන් ලෙස ගුරුවරුන් 2500ක් බඳවා ගැනීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අරවින්ද කුමාර් මහතා,

පසුගිය කාලයේ රට තුළ ආර්ථික අර්බුදයක් පැවතියත් අධ්‍යාපන අමාත්‍යාංශයේ කටයුතු පිළිබඳ රජය වැඩි අවධානයක් යොමු කර කටයුතු කළා. ඒ වගේම රටේ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු නඟා සිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැදගත් තීන්දු තීරණ රැසක් ගනු ලැබුවා.

රටේ දරුවන්ගේ අධ්‍යාපනය සහ එම ක්ෂේත්‍රයේ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව එතුමා නිරන්තරයෙන් කතා කරනවා. ඒ අනුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ රැසක් සමඟ එම කටයුතු ඉදිරියට ගෙන යාමට අමාත්‍යාංශය සැලසුම්සහගතව කටයුතු කරනවා.

නව විෂය මාලාවලින් සමන්විත එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණමය වැඩසටහන අධ්‍යාපන අමාත්‍යවරයාගේ මඟපෙන්වීමෙන් දැනටමත් ක්‍රියාත්මකයි. ස්ටීම් (STEAM) අධ්‍යාපන ක්‍රමය මේ වන විට ලෝකයේ රටවල ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමයක්. එම සංකල්පය අපේ රටේ ද ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ වගේම දරුවන් තාක්ෂණ දැනුමෙන් සන්නද්ධ කිරීමට මෙන්ම නව තාක්ෂණික ක්‍රම ඔස්සේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙන බව කිව යුතුයි.

සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග ප්‍රතිඵල ලැබෙන තෙක් නිවෙස්වලට වී සිටින දරුවන්ට වෘත්තීය, තාක්ෂණික මෙන්ම ඉංග්‍රීසි ඇතුළු භාෂා පුහුණුවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.මේ සඳහා දිවයිනේ පාසල් 320ක් දැනටමත් තෝරාගෙන තිබෙනවා. එම වෘත්තීය පුහුණු වැඩසටහන ලබන වසරේ ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතයි.

පාසල් සඳහා ගුරුවරුන් 8000ක් අප දැනටමත් බඳවා ගෙන තිබෙනවා. ඉදිරියේදී තවත් උපාධිධාරීන් 5500ක් ගුරුවරුන් ලෙස පුහුණු කර බඳවා ගැනීමට කටයුතු කරනවා. ඊට අමතරව දෙවන භාෂා ගුරුවරුන් ලෙස තවත් 2500ක් බඳවා ගැනීමට නියමිතව තිබෙනවා.

වෘත්තීය පුහුණු වැඩසටහන පසුගිය කාලයේ පැවති කොවිඩ් වසංගත තත්ත්වය නිසා අඩපණ වුණා.

නමුත් මේ වන විට සුපුරුදු ලෙස දිවයින පුරා පිහිටි සියලුම වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන සිය කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ වගේම 2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මස 10 වැනිදාට පෙර අනිවාර්යෙන්ම නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

එසේම රටේ සියලු ප්‍රදේශවල දරුවන් අද අධ්‍යාපනයේ දී විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කරනවා. ඒ වගේම විශාල සිසුන් පිරිසක් විශ්වවිද්‍යාල සුදුසුකම් ලබනවා. රටේ අධ්‍යාපනය අද ඉහළ ගුණාත්මකභාවයකින් පවතින බව ඒ අනුව පෙනී යනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
5
+1
0
+1
0
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15