AFC Banner
AFC Banner
Empty Ad

රජයේ ඒකාබද්ධ අරමුදලට බිලියන 02ක පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම හා සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙතින් රජයේ ඒකාබද්ධ අරමුදලට පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා.

රජයේ ඒකාබද්ධ අරමුදල සඳහා පිරිනැමුණු රුපියල් බිලියන 02කට අදාළ චෙක්පත අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නිල වශයෙන් භාර‍ දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් බිලියන 01ක්, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම රුපියල් මිලියන 500ක් සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් රුපියල් මිලියන 500ක් රජයේ ඒකාබද්ධ අරමුදල සඳහා පිරිනමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?