රජයේ අලුත් කෙටුම්පතට ඇමති නිමල්ගෙන් විරෝධය

සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සහ සේවා නියුක්තයන්ගේ බාර අරමුදලේ (ETF) මුදල් ආයෝජනය කිරීමෙන් ලැබෙන ආදායම් වලින් බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති අර්ථ නිරූපණයට විරුද්ධවීමට අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කර සිටියා.

එම තීරණය මහාභාණ්ඩාගාරයට සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දුන් බව පැවසූ අමාත්‍යවරයා එම බදු මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මෙසේ පැවසූවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එම අර්ථ නිරූපණය වැරදි හෙයින් එය නිවැරදි කළ යුතු බවද මේ සම්බන්ධයෙන් වෙනම ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්නම් එය වෙනම විවාද කළ යුතු කාරණයක් බවද ඔහු පැවසුවේ.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසූවේ සේවක අර්ථසාධක අරමුදලින් සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලින් මෙලෙස බදු අය කිරීමට විරුද්ධ වන බවයි.

ට්‍රිලියන 3ක මූල්‍යමය වටිනාකම් සහිත මෙම අරමුදල්වල ලාභයවූ බිලියන 25 ට සියයට 5 බැගින් බදු ගසා බිලියන 65ක මුදලක් තම ගෝලබාලයන්ට වැඩ ලක්ෂයේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදීමට සැලසුම් කර ඇති බවත් ජනතාව දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් මුදල් මෙලෙස පික්පොකට් ගැසීම කිසිසේත්ම අනුමත නොකරන බවත් ඔහු පැවසුවේය.

සුරතලුන්ගේ ව්‍යාපෘතිවලට මෙලෙස ජනතාවගේ මුදල් ලබාදීම මහ දවල් සිදුවන මහ මංකොල්ලයක් බවට විපක්ෂනායකවරයා චෝදනා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12