රජයෙන් නොමිලේ දුන් හාල් කෑ කුකුළන් හතක් මියගිහින්

රජය මඟින් අඩු ආදායම් ලාභීන්ට ලබාදුන් සහල් ආහාරයට ගත් කුකුකන් 07 දෙනකු මිය යෑම සම්බන්ධයෙන් රසපරීක්ෂක වාර්තාවක් කැඳවන ලෙස රම්බඩගල්ල අධිකරණය නියෝගකර ඇති බව මෙරට ජාතික පුවත්පතක් අද වාර්තා කර තිබුණා.

රිදිගම, පානගමුවේ අඩු ආදායම් ලාභියකුට රජයෙන් ලබාදුන් සහල්වලින් ටිකක් මෙලෙස කුකුකන්ට අහර සඳහා ලබා දී ඇති අතර, එම සහල් ආහාරයට ගත් කුකුළන් 07 දෙනෙකු මියගිය බවත් අදාළ පුද්ගලයා මහජන සෞඛ්‍ය කාර්යාලයට පැමිණිලි කර ඇති බවයි වරට වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
7
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?