රග්බි පිටියට වසන්තය ගෙනඑමින් රග්බි ලෝක කුසලාන තරගාවලිය ඊයේ (08) ප්‍රංශයේ දී ආරම්භ වුණා.
ඒ, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ ප්‍රධානත්වයෙන්.
මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් සත්කාරකයින්වන ප්‍රංශය සහ ප්‍රබල නවසීලන්ත ඕල්බ්ලැක්ස් කණ්ඩායම තරග බිමට පිවිසියා.
තුන් වතාවක් ලෝක ශූරන් බවට පත්ව සිටින ප්‍රබල ඕල්බ්ලැක්ස් කණ්ඩායම පරාජයට පත්කළ සත්කාරක ප්‍රංශය මෙවර තරගාවලියට ආකර්ෂණීය ආරම්භයක් ලබාදෙමින් සුපිරි ජයක් හිමිකර ගත්තා.
මෙම තරගයේ ජය ප්‍රංශය හිමිකර ගත්තේ ලකුණු 27-13ක් ලෙසයි.
මෙම තරගයේ පළමු අර්ධය උණුසුම් මුහුණුවරක් ගත් අතර, ලකුණු 09ට 08ක් ලෙස සත්කාරක ප්‍රංශ කණ්ඩායම එහි පෙරමුණ ගත්තා.
දෙවන අර්ධයේ සත්කාරක ප්‍රංශ කණ්ඩායම ලකුණු 18ක් රැස් කළ අතර නවසීලන්ත කණ්ඩායම රැස් කළේ ලකුණු 05ක් පමණයි.
තරගය පුරා ප්‍රංශ කණ්ඩායම උත්සාහක දිනුම් 02ක්, එක් ප්‍රවර්ථනයක් සහ දඬුවම් පහර 05ක් සාර්ථක කර ගත් අතර, ප්‍රබල නවසීලන්තය සාර්ථක කර ගත්තේ උත්සාහක දිනුම් 02ක් සහ එක් දඬුවම් පහරක් පමණයි.
ඒ, අනුව සත්කාරක ප්‍රංශය ලකුණු 27ට 13ක් ලෙස සමාරම්භක තරගය ජය ගත්තා.









