සෑම මාසයකම පාර්ලිමේන්තුව විසින් සිය විදුලිබිල අඛණ්ඩව ගෙවා ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
වෘත්තීය සමිති නායකයෙකු වන රංජන් ජයලාල් විසින් පසුගියදා ප්‍රකාශ කර තිබුණේ පාර්ලිමේන්තුව විසින් රුපියල් කෝටි 7ක විදුලි බිලක් මෙතෙක් ගෙවා නොමැති බවයි.
ඒ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් අද (23) පාර්ලිමේන්තුවේදී කංචන විජේසේකර අමාත්‍යවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාට අගෞරවයක් ඇති වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ රංජන් ජයලාල් නමැති පුද්ගලයා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත කැඳවන ලෙසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
7
+1
1
+1
+1
4
+1
3




