රංජන් ජයලාල් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවන්න

සෑම මාසයකම පාර්ලිමේන්තුව විසින් සිය විදුලිබිල අඛණ්ඩව ගෙවා ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

වෘත්තීය සමිති නායකයෙකු වන රංජන් ජයලාල් විසින් පසුගියදා ප්‍රකාශ කර තිබුණේ පාර්ලිමේන්තුව විසින් රුපියල් කෝටි 7ක විදුලි බිලක් මෙතෙක් ගෙවා නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් අද (23) පාර්ලිමේන්තුවේදී කංචන විජේසේකර අමාත්‍යවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාට අගෞරවයක් ඇති වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ රංජන් ජයලාල් නමැති පුද්ගලයා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත කැඳවන ලෙසයි.

  1. ඔය පාර්ලිමේන්තුව අද තක්කඩින්ගේ රජ දහනක් එහෙම උන් කොහොමද මේ වගේ මනුස්සයෙක්ව උඹලා කොහොමද ප්‍රශ්න කරන්නේ අපි ප්‍රශ්න කරන්නේ රට විකුණන දේශද්‍රෝහීන් ගෙන් මිස රට බේරගන්න සටන් කරන මිනිසුන්ගෙන් නොවේ