AFC Banner
Empty Ad

රංගන ශිල්පිනී මහේෂි මධුශංකාගේ සැමියා රක්ෂිත බන්ධනාගාරයට

ප්‍රසිද්ධ රංගන ශිල්පිනී මහේෂි මධුශංකාගේ සැමියා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසිය මගින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මහේෂි මධුශංකාගේ සැමියා කළුබෝවිල රෝහලට ඇතුළත්ව සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අද (20) දින නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කළ ඔහු ලබන 30 වනදා දක්වා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

නිවසේ ඇතිවූ පවුල් ආරවුලක් සම්බන්ධයෙන් රංගන ශිල්පිනිය පොලිස් හදිසි ඇමතුම් අංකයට සිදුකළ පැමිණිල්ලක් අනුව ඒ පිළිබඳව විමර්ශනය සඳහා පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුටයි සැකකරු මෙලෙස පහර දී ඇත්තේ.

පහරකෑමට ලක් වූ එක් පොලිස් නිලධාරියෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
6
+1
111
+1
7
+1
6
+1
2
+1
41
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?