යෝජිත ධීවර පනතින් ධීවර ප්‍රජාවගේ අයිතිවාසිකම්වලට කිසිදු හානියක් නැහැ

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර ඇතිව ජලජීවී වගාව සංවර්ධනය කිරීමට කටයුතු කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසනවා.

යෝජිත ධීවර පනත තුළින් ධීවර ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන අතර ඔවුන්ට කිසිදු හානියක් සිදු නොවන බවට පොරොන්දු වන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මේ බව සඳහන් කර සිටියේ, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (20)දින ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මෙසේ ද පැවසීය,

සංශෝධිත නව ධීවර පනත් කෙටුම්පත නුදුරේදී සම්මත කරගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම්ව පවතිනවා. ධීවර කර්මාන්තය සංවර්ධන කිරීම තුළින් මත්ස්‍ය අස්වැන්න ඉහළ නංවා ගැනීමට බලාපොරොත්තු වනවා. යෝජිත ධීවර පනත් කෙටුම්පත පිළිබඳ ධීවර වෘත්තීය සමිති සියල්ල දැනුවත් කරමින් ඔවුන්ගේ අදහස් අනුව පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරනවා. අදාළ පනත තුළින් ධීවර ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන අතර ඔවුන්ට කිසිදු හානියක් සිදුනොවන බවට ද අප පොරොන්දු වනවා.

ඒ වගේම ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා ද අප මේ වන විට කැඳවීම් කර තිබෙනවා. එමෙන්ම විදෙස් ආයෝජන ද උපයෝගී කරගනිමින් ධීවර ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම අපගේ අරමුණයි. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර ඇතිව ජලජීවී වගාව ද සංවර්ධනය කිරීමට කටයුතු කරනවා.

එමෙන්ම මුහුදේ උෂ්ණත්වය වර්ධනය වීම සහ නීති විරෝධී ධීවර කටයුතු නිසා මත්ස්‍ය සම්පත ලෝකයෙන් හීන වී යමින් තිබෙනවා. ජලජ ජීවීන්ගේ ආහාර සඳහා ඉස්සන්, කකුළුවන් මෙන්ම මුහුදු පැළෑටි වගාව මේ වනවිට දීප ව්‍යාප්තව සිදු කරමින් සිටින බව සඳහන් කළ යුතුයි.

ඒ වගේම මීගමුව ධීවරයන් කාදිනල් හිමිපාණන්ගේ නිවස ඉදිරිපිට පැවැත්වූ විරෝධතාව මගේ අවධානයට යොමු කර තිබුණා. මෙම ගැටලුව විමර්ශනය කිරීම සඳහා මටත් සදාචාරාත්මක වගකීමක් තිබෙනවා. ඒ නිසා අදාළ පාර්ශ්ව හමුවෙලා ඒ අය සමඟ සාකච්ඡා කර සාධාරණ විසඳුමක් ලබා දීමට මම බලාපොරොත්තු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22