යොහානි 9 වැනිදා අන්තර්ජාලයට මුදාහරින්න යන දේ

ලොවක් වසඟ කළ ගායිකාවක බවට පත්ව සිටින යොහානි ද සිල්වාගේ පළමු ගීත ඇල්බමයේ ගීතයක් මෙම මස 9 වැනිදා අන්තර්ජාලයට මුදා හැරීමට නියමිතය.

ඇයගේ පළමු ගීත ඇල්බමය ‘කෙල්ල’ නමින් ලබන වසරේ මැයි මාසයේ දී එළිදැක්වීමට නියමිත අතර එහි ඇතුළත් ‘ඉතින් ආදරේ පතාලා තැවුණේ – ඔබේ නමින් සිතින් වේදනා රිදී මියැදුණේ’ ගීතය අන්තර්ජාලයට මෙලෙස එක් කිරීමට නියමිතව තිබේ.

යොහානිගේම අපූරු තනුවකට නිර්මාණය වී ඇති මෙහි සංගීතය ‘වයනක‘ සපයා ඇති අතර සංගීත සංයෝජනය ළහිරු පෙරේරාගෙනි.

එළි දැක්වීමට නියමිත ‘කෙල්ල’ ගීත ඇල්බමයේ ගීත ශ්‍රී ලාංකීය ස්ත්‍රීයකගේ ජීවිතය, ජීවන අරගලය, දුක, සතුට, ආදරය සහ විරහව පිළිබඳව වන නවමු අත්දැකීම් සමුදායක් මුසු වූ අපූරු ලෙස නිර්මිතය. ගීත දොළහක් මෙහි ඇතුළත් වෙයි. ‘Pettah Effect සමග සුසංයෝගයක් වන මෙම ගීත එකතුවේ සිංහල ගීත පමණක් අන්තර්ගත වීම විශේෂත්වයකි. Pettah Effect හි දිලංජන සෙනෙවිරත්න සහ ආසිරි පෙරේරාගේ පද රචනාවන්ගෙන් නිර්මිත මෙම ‘කෙල්ල’ ගීත එකතුව ඔස්සේ යළිත් සිංහල ගීතය ජාත්‍යන්තරයට ගෙන යාමට සමත් වනු ඇත. සියලුම ගීතවල තනු නිර්මාණද යොහානිගෙනි.

සුන්දර විචිත්‍රවත් රූප රචනාවන්ගෙන් සමන්විත මෙම ගීත සමාජයේ නිරන්තරයෙන් ඇසෙන දකින සත්‍ය සිදුවිම් අලළා නිර්මාණය වී තිබේ. මෙරට කාන්තාවන් වෙනුවෙන්ම මෙවැනි ගීත එකතුවකින් සමන්විත ගීත ඇල්බමයක් නිර්මාණය වන ප්‍රථම අවස්ථාවද මෙය වෙයි.

https://youtu.be/5_5oQX7cX9o
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?