AFC Banner
AFC Banner
Empty Ad

යොහානිගේ ‘මැණිකේ’ ගීතය නැවතත් හින්දියාව කලඹයි

“මැණිකේ මගේ හිතේ..” ගීතයත් සමග ලෝකයේ කතා බහට ලක්වන ශ්‍රී ලං‍කාවේ යොවුන් ගායිකා යොහානි ද සිල්වා තවත් මුල් පෙළේ බොලිවුඩ් සිනමාපටයකට සිය ගායක දායකත්වය ලබා දීමට සූදානම් වෙයි.”තෑන්ක් ගෝඩ්” නම් නවතම හින්දි චිත්‍රපටයට මැණිකේ මගේ හිතේ ගීතයේ, හින්දි පිටපතක් යොදා ගන්නා බව එහි අධ්‍යක්‍ෂ ඉන්ද්‍ර කුමාර් මාධ්‍ය වෙත සදහන් කර තිබේ.

එම චිත්‍රපටය ලබන වසරේ එළිදැක්වීමට සැළසුම් කර තිබේ.එම චිත්‍රපටයට ජනප්‍රිය බොලිවුඩ් නළු අජේ දෙව්ගන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ රාකුල් ප්‍රීත් සිං ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායකවෙයි. මෙම හින්දි ගීතයේ පද රචනා කර ඇත්තේ ‘රශ්මි විරාග්’ විසිනි.

“තෑන්ක් ගෝඩ්” චිත්‍රපටයේ අධ්‍යක්ෂ හා නිෂ්පාදක මඩුල්ලට සිය කෘතඥතාව පළ කරන බවයි,යොහානි පවසන්නේ. මේ සදහා තමන් ඉදිරියේ දී ඉන්දියාවට යෑමට අපේක්ෂා කරන බවද ඇය පවසා සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
49
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?