AFC Banner
Empty Ad
Empty Ad

යොහානිගේ තවත් විශ්මිත ගීතයක් එළියට

යොහානි කියන්නේ මේ වෙද්දි ජාත්‍යන්තරයම දන්න කියන, නම කියූ සැණින් කවුරුත් දැන අඳුනන චරිතයක්. ඉතින් පසුගිය දවසක ඇය ඉන්දියාව බලා පිටත් වුනේ “මැණිකේ” නිසාම ඇයට ලැබුණු ප්‍රසංග දෙකකට සහභාගි වෙන්න යි.

ඒ වගේම ළඟදීම දවසක ඇය සල්මන් එක්ක ඉන්දියාවේ අතිශය ජනප්‍රිය “බිග්බොස්” වැඩසටහනටත් සහාභාගී වීමට නියමිත යි.

ඔය අතරතුර දී ඇගේ අලුත්ම ගීතයකුත් එළියට ඇවිත්. මේ ගීතය “ඉතින් ආදරේ” කියලා තමයි නම් කරලා තියෙන්නේ.

පැය 20කට කලින් යූටියුබ් වෙත මුදාහැරී මේ ගීතය මේ වන විට නැරඹුම් වාර ලක්ෂ 7 ඉක්මවා තිබෙනවා.

ඒ වගේම ඇයට ලැබෙන ප්‍රතිචාර අතරේ වැඩියෙන්ම ඉන්නේ විදෙස් ජාතිකයින් වීමත් විශේෂ යි. ඉන්දියාව, බංගල්දේශය වැනි රටවල්වල ඇගේ රසිකයින් ඇයට සුබ පතා ඇති අතර “සිංහල භාෂාව නොතේරෙන” නමුත්, ඇගේ හඬට ඇබ්බැහි වෙලා ඉන්න බවයි ඒ අය කියන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
71
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?