යොවුන් ක්‍රීඩක විශේන් හැළඹගේ ට ජාත්‍යන්තරයෙන් ඇරයුමක්

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක විශේන් හැළඹගේ හට දකුණු අප්‍රිකානු SA20 ක්‍රිකට් ලීගය ක්‍රීඩා කිරීමේ වරම් හිමි වී තිබෙනවා.

එම තරගාවලියේ කණ්ඩායම් සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම වෙනුවෙන් ඊයේ (09) පැවතී ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක විශේන් හැළඹගේ දකුණු අප්‍රිකානු රෑන්ඩ් ලක්ෂ දෙකක ( ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 35කට ආසන්න) මුදලකට පාර්ල් රෝයල්ස් (Paarl Royals) කණ්ඩායම මිලදී ගෙන තිබෙනවා.

විශේන් හැළඹගේට අමතරව එම පාර්ල් රෝයල්ස් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග ද තෝරා ගෙන තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙක් සහ විශිෂ්ඨ පිතිකරුවෙක් වූ කුමාර සංගක්කාර ද පාර්ල් රෝයල්ස් (Paarl Royals) = වෙනුවෙන් ක්‍රීඩක වෙන්දේසියේ ක්‍රීඩකයින් තෝරා ගැනීම සඳහා සහභාගී වී සිටි අතර ඔහු පාර්ල් රෝයල්ස් (Paarl Royals) හි මවු කණ්ඩායම වන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වත්මන් ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරය දරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇයි ඇයි වීඩියෝ කරන්න.. නවත්තන්න ඕක
01:04
Video thumbnail
ගෙවල්වල ඉන්ධන රැස්කරගෙන ඉන්න ඉඩ දෙන්න බෑ
02:45
Video thumbnail
බීලා පොලිසියේ පිරිසක් කැලෑවක් අස්සේ දාපු සෙල්ලම
01:34
Video thumbnail
විදුලි පරිභෝජනය අඩු කරගන්න - කළිනුත් කළුවරේ හිටියනේ
02:30
Video thumbnail
ඉදිකිරීම් අමුද්‍රව්‍යයවල මිළ වැඩි කිරීම ගැන ජනතාව කිව්ව දේ..වෙන වෘත්තියක් අපි දන්නෙත් නෑ..
02:32
Video thumbnail
QR ආවත් මොනා ආවත් තෙල් පෝලිමේ නම් අඩුවක් නෑ
01:05
Video thumbnail
පොලිසියට සද්දේ දාපු මාලිමා මන්ත්‍රීට නිලධාරියා සැරටම කිව්ව දේ
05:11
Video thumbnail
ඉරාන තෙල් ලබා ගැනීමේ ප්‍රශ්නය නලින්ද හෙළිකරයි..තෙල් ප්‍රශ්නයක් ෂෙඩ්වල නැහැ
02:36
Video thumbnail
ඩබල් කැබ් ගේන්නේ අහවල් බම්බුවට ද..?
04:44
Video thumbnail
රජය රුසියාව එක්ක ගිවිසුමකට යන්නද යන්නේ ?මේක කුණාටු සමයක්..දෙන්න පුළුවන් උපරිම සහන දෙනවා
06:01