AFC Banner
Empty Ad
Empty Ad

යූ ටියුබ් නාලිකාවක හිමිකාරිනියක් විදෙස් රටක දී මරුට – ඇය ශ්‍රී ලාංකිකයෙක් (වීඩියෝ)

යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් විශාල පිරිසකගේ ආකර්ෂණය හිමිකරගත් ෆින්ලන්තයේ වාසය කළ ශ්‍රී ලාංකික කාන්තාවක් අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම සිද්ධිය ඝාතනයක් බවට එරට පොලීසිය සැක පළ කරන බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ තිදරු මවක් බව ද එම වාර්තා වැඩිදුරටත් සඳහන්.

ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

කලක සිට ඇය සිය නමින් යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන ගොස් ඇති අතර එමගින් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් මෙන්ම විදෙස් රටවල සහ ශ්‍රී ලංකාවේ ද ඇය බොහෝදෙනෙකු අතර ජනප්‍රිය වී තිබෙනවා.

මේ අතර විදෙස් මාධ්‍ය විසින් අදාළ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා පොලීසිය විසින් රැගෙන යන අයුරු ද වාර්තා කර තිබුණා.

එරට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
9
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?