යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ ප්‍රධානියා සහ කතානායක අතර හමුවක්

යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ ප්‍රධාන නිරීක්ෂක, යුරෝපීය පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝස් ඉග්නාසියෝ සැන්චෙස් අමෝර්, ඇතුළු නියෝජිත පිරිසක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න හමු වී තිබෙනවා.

පසුගිය දා (17) පාර්ලිමේන්තුවේ දී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙම හමුවේ දී පළමුව කතානායකවරයා ඇතුළු නව රජය වෙත යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ ප්‍රධාන නිරීක්ෂකවරයා සිය සුබ පැතුම් එක් කර සිටියා.

අනතුරුව යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම් කණ්ඩායම විසින් සකස් කළ 2024 ජනාධිපතිවරණ නිරීක්ෂණ ඇතුළත් අවසන් වාර්තාව කතානායකවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණය පැවැත්වීම පිළිබඳව යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ ප්‍රධාන නිරීක්ෂකවරයාගේ ප්‍රසාදය මෙහිදී හිමිවුණා.

මෙම හමුවේ දී මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යභාරය අගය කළ ඔහු, තවදුරටත් එම කොමිෂන් සභාව ශක්තිමත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නා.

එමෙන්ම වර්තමාන පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය ඉහළ අගයක පැවතීම පිළිබඳව ද ඒ ඔහු සිය ප්‍රසාදය පළ කළා.

මෙහීදී අදහස් දක්වමින් කථානායකවරයා, යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම විසින් ඔවුන්ගේ අත්දැකීම බෙදාගැනීම පිළිබඳව සිය ස්තුතිය පළ කළා.

වර්තමානය වනවිට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංගයන්ගෙන්, වඩාත් විනිවිදභාවයකින් යුක්තව, දූෂණයෙන් තොර පාලනයක් කරා රජය කටයුතු කරමින් සිටින බව මෙහි දී කතානායකවරයා අවධාරණය කර සිටියා.

මේ අතර ආබාධ සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සමුළුවක් පළමු වරට මෙරට දී පැවැත්වීමට අවශ්‍ය සැළසුම් සකස් කරමින් සිටින බව ද මෙහි දී කතානායකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?