යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ ප්‍රධානියා සහ කතානායක අතර හමුවක්

යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ ප්‍රධාන නිරීක්ෂක, යුරෝපීය පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝස් ඉග්නාසියෝ සැන්චෙස් අමෝර්, ඇතුළු නියෝජිත පිරිසක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න හමු වී තිබෙනවා.

පසුගිය දා (17) පාර්ලිමේන්තුවේ දී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙම හමුවේ දී පළමුව කතානායකවරයා ඇතුළු නව රජය වෙත යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ ප්‍රධාන නිරීක්ෂකවරයා සිය සුබ පැතුම් එක් කර සිටියා.

අනතුරුව යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම් කණ්ඩායම විසින් සකස් කළ 2024 ජනාධිපතිවරණ නිරීක්ෂණ ඇතුළත් අවසන් වාර්තාව කතානායකවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණය පැවැත්වීම පිළිබඳව යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ ප්‍රධාන නිරීක්ෂකවරයාගේ ප්‍රසාදය මෙහිදී හිමිවුණා.

මෙම හමුවේ දී මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යභාරය අගය කළ ඔහු, තවදුරටත් එම කොමිෂන් සභාව ශක්තිමත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නා.

එමෙන්ම වර්තමාන පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය ඉහළ අගයක පැවතීම පිළිබඳව ද ඒ ඔහු සිය ප්‍රසාදය පළ කළා.

මෙහීදී අදහස් දක්වමින් කථානායකවරයා, යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම විසින් ඔවුන්ගේ අත්දැකීම බෙදාගැනීම පිළිබඳව සිය ස්තුතිය පළ කළා.

වර්තමානය වනවිට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංගයන්ගෙන්, වඩාත් විනිවිදභාවයකින් යුක්තව, දූෂණයෙන් තොර පාලනයක් කරා රජය කටයුතු කරමින් සිටින බව මෙහි දී කතානායකවරයා අවධාරණය කර සිටියා.

මේ අතර ආබාධ සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සමුළුවක් පළමු වරට මෙරට දී පැවැත්වීමට අවශ්‍ය සැළසුම් සකස් කරමින් සිටින බව ද මෙහි දී කතානායකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40