යුරෝපා සංගමය හා ඉන්දියාවේ හවුල්කාරීත්වය ගැන සංකීර්ණ සාකච්ඡා

යුරෝපා සංගමය සහ ඉන්දීය රජය අතර පවතින අන්‍යෝන්‍ය වූ හවුල්කාරීත්වය ගැන සංකීර්ණ මට්ටමේ සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම සාකච්ඡා පැවැත්වුණේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්‍යය එස්. ජයිශංකර් සහ යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේන් සමගයි.

ජම්මු- කාශ්මීරයේ පහල්ගම් හි මෑතක දී සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සහ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ දී සහයෝගීතාව පිළිබඳව ලේන්ගේ දැඩි අප්‍රසාදය මෙහිදී පළ වුණු අතර, ඉන්දියාව යුරෝපානු සංගමයට ත්‍රස්තවාදයට එරෙහිව සිට ගැනීම වෙනුවෙන් ස්තුතිය පළ කෙරුණා.

X සටහනක් තබමින් ජයිශංකර් කියා ඇත්තේ ලේන් සමග කළ සාකච්ඡාව සතුටට කරුණක් බවත්, ඇය ත්‍රස්තවාදයට එරෙහිව පළ කළ පිළිකුල්භාවය ඉන්දියාව සාදරයෙන් පිළිගැනුණු බවයි.

එමෙන්ම ඉන්දියාව – යුරෝපා සංගම් හවුල්කාරිත්වය වෙළඳාම, තාක්ෂණය, සම්බන්ධතාව සහ ආරක්ෂාව පිළිබඳ ශක්තිමත් සහයෝගීතාවයේ විභව ප්‍රතිලාභ පිළිබඳව එකඟ වීමක් බව ද මෙහි සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?