යුරෝපා සංගමයට සහ මෙක්සිකෝවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

එළඹෙන අගෝස්තු පළමු වනදා සිට යුරෝපා සංගමය සහ මෙක්සිකෝව එක්සත් ජනපදයට සිදුකරන අපනයන සඳහා 30%ක තීරු බද්දක් පනවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරනු ලැබුවා.

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මෙම තීරණය සම්බන්ධයෙන් අගෝස්තු පළමු වනදාට පෙර වොෂින්ටනය සමඟ ගිවිසුමකට එළඹීමට බලාපොරොත්තු වන බව 27 දෙනෙකුගෙන් යුත් යුරෝපා සංගමය සඳහන් කරනවා.

මේ අතර අගෝස්තු 01 වනදා සිට ජපානය, දකුණු කොරියාව, කැනඩාව සහ බ්‍රසීලය යන රටවලින් පැමිණෙන භාණ්ඩ සඳහා ද එක්සත් ජනපදය නව තීරුබදු පනවන බව ට්‍රම්ප් මෙම සතියේ ද පැවසුවා.

ඊට අමතරව එක්සත් ජනපදයේ කුඩා වෙළඳ හවුල්කරුවන් ගණනාවකට සමාන ලිපි යැවීමටත් ට්‍රම්ප් කටයුතු කරනු ලැබුවා.

යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් වෙත සිකුරාදා යවන ලද ලිපියේ ට්‍රම්ප් මෙසේ සඳහන් කර තිබෙනවා.

“යුරෝපීය සංගමය සමඟ අපගේ වෙළඳ සම්බන්ධතාවය සාකච්ඡා කිරීමට අපට වසර ගණනාවක් ගත වී ඇති අතර, ඔබේ තීරුබදු සහ තීරුබදු නොවන ප්‍රතිපත්ති සහ වෙළඳ බාධක මගින් ජනනය කරන ලද මෙම දිගු කාලීන සහ නොනැසී පවතින වෙළඳ හිඟයන්ගෙන් අප ඉවත් විය යුතු බව නිගමනය කර තිබෙනවා. අවාසනාවකට මෙන්, අපගේ සම්බන්ධතාවය අන්‍යෝන්‍ය වශයෙන් බොහෝ දුරස් වී ඇති බවයි හැඟී යන්නේ.”

යුරෝපා සංගමයට සහ මෙක්සිකෝවට යැවූ ලිපිවලින් ට්‍රම්ප් අනතුරු ඇඟවූයේ, එක් වෙළඳ හවුල්කරුවෙකු හෝ එක්සත් ජනපදයට එරෙහිව තමන්ගේම ආනයන බදු පැනවීමෙන් පළිගන්නේ නම්, 30%ට වඩා ඉහළ ප්‍රතිශතයකින් තීරුබදු වැඩි කිරීමෙන් තමා පසුබට නොවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?