අද (01) උදෑසන වත්තල සිට තොරණ හන්දිය දෙසට ධාවනය වූ යුද හමුදා නිලධාරීන් රැගත් බස් රථයක් වනවාසල දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලැබු බව අප වාර්තාකරු පැවසුවා
මෙලෙස බසයේ ගැටී ඇත්තේ පොල්ගහවෙල සිට කොළඹ – කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියකයි.මෙම අනතුරෙන් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවත්, අනතුර සිදුවූ ස්ථානයේ ලොතරැයි අලෙවි කුටියක සිටි අලෙවිකරු සහ ලොතරැයි මිලදී ගැනීමට පැමිණි අයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණු බවයි පොලීසිය සඳහන් කරන්නේ. පසුව ඉන් එක් පුද්ගලයෙක් කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර තිබෙන අතර අනෙක් පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1