යුද හමුදා නිලධාරීන් පුහුණුකිරීමේ තීරණය වෙනස් වුනොත් නැවත වැඩවර්ජනය කරනවා – දුම්රිය වෘත්තීය සමිති

දුම්රිය රියදුරන් ලෙස යුද හමුදා නිලධාරීන් පුහුණු කිරීම සඳහා ගනු ලැබූ තීරණය රජය විසින් තාවකාලිකව අත්හිටුවීමටත් සමඟ තම සංගමය විසින් ඊයේ (17) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශයට පත් කළ දුම්රිය රියදුරන්ගේ වැඩවර්ජනය තාවකාලිකව නවතා දැමීමට තීරණය කළ බව එම ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය පවසනවා.

දුම්රිය රියදුරන් ලෙස යුද හමුදා නිලධාරීන් පුහුණු කිරීම සඳහා වූ තීරණය තාවකාලිකව අත්හිටුවන බවට ප්‍රවහාන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන ගුණසේන විසින් පැවසීමත් සමඟ දුම්රිය රියදුරන්ගේ වැඩවර්ජනය තාවකාලිකව නවතා දැමීමට තීරණය කළ බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

යුද හමුදා නිලධාරීන්, දුම්රිය රියදුරන් ලෙස පුහුණු කිරීම වැනි තීරණයක් මෙවැනි අවස්ථාවක කාලෝචිත නොවන බවත්, කෙසේ හි රජය එවැනි තීරණයකට නැවත එළඹිය හොත් ඔවුන් නැවතත් සිය වැඩවර්ජන වෘත්තීය ක්‍රියාමාර්ග කෙරෙහි යොමුවන බවත් එන සංගමයේ ලේකම් දිමුතු එදිරිසිංහ පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?