යුද හමුදා නිලධාරීන් පුහුණුකිරීමේ තීරණය වෙනස් වුනොත් නැවත වැඩවර්ජනය කරනවා – දුම්රිය වෘත්තීය සමිති

දුම්රිය රියදුරන් ලෙස යුද හමුදා නිලධාරීන් පුහුණු කිරීම සඳහා ගනු ලැබූ තීරණය රජය විසින් තාවකාලිකව අත්හිටුවීමටත් සමඟ තම සංගමය විසින් ඊයේ (17) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශයට පත් කළ දුම්රිය රියදුරන්ගේ වැඩවර්ජනය තාවකාලිකව නවතා දැමීමට තීරණය කළ බව එම ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය පවසනවා.

දුම්රිය රියදුරන් ලෙස යුද හමුදා නිලධාරීන් පුහුණු කිරීම සඳහා වූ තීරණය තාවකාලිකව අත්හිටුවන බවට ප්‍රවහාන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන ගුණසේන විසින් පැවසීමත් සමඟ දුම්රිය රියදුරන්ගේ වැඩවර්ජනය තාවකාලිකව නවතා දැමීමට තීරණය කළ බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

යුද හමුදා නිලධාරීන්, දුම්රිය රියදුරන් ලෙස පුහුණු කිරීම වැනි තීරණයක් මෙවැනි අවස්ථාවක කාලෝචිත නොවන බවත්, කෙසේ හි රජය එවැනි තීරණයකට නැවත එළඹිය හොත් ඔවුන් නැවතත් සිය වැඩවර්ජන වෘත්තීය ක්‍රියාමාර්ග කෙරෙහි යොමුවන බවත් එන සංගමයේ ලේකම් දිමුතු එදිරිසිංහ පවසනවා.

  1. ආත්මාර්ථකාමී අන්දමින් මේ විදියට රජයේ සේවකයන්ට ජනතාවගේ සහ රජයේ බෙල්ල මිරිකීමට අවස්ථාව දියයුතු නැහැ.. ආණ්ඩුව මීටවඩා තදින් සිටිනවානම් ජනතාව ඉන්නේ රජයේ පැත්තේ…. අනිවාර්යෙන් ඉන්දියාවට යවලා හමුදාවේ තරුණ සෙබළුන් දුම්රිය රියදුරු පුහුණුව ලබාදියයුතුය.. හදිසි අවස්ථාවකදී එය වටිනා දෙයක්.. ඒ සදහා විරුද්ද වෙන්න පුළුවං කමක් කාටවත් බැහැ.. ඒ රජයේ තීරණ… විදෙස් පුහුණුව ලබන සෙබළුන් උපදේශක තනතුරේ පිහිටුවා අනිත් සෙබළුන් පුහුණු කලයුතුය… විදුලිබල සේවකයන්ද මේ ලෙසම පුහුණුකළ යුතුය.. මේ ද්‍රෝහීන්ට ඉඩක් දෙන්නම එපා.. නීතියෙන් බැරිනම්බහුජන ජනතාවගේ හිත සුව පිණිස පිත්තල වලින් හෝ මේ ජඩයන් මෙල්ල කලයුතුය.. සුදුසුකම් අනුව මිස මේ සේවකයන්ගේ දරුවන් රාජ්‍ය සේවයට බදවා ගැනීමට කිසිදු ප්‍රමුඛතාවයක් නොදිය යුතුය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18