යුද බිමේ සිටින සොල්දාදුවන්ගේ මව්වරුන් පිරිසක් පුටින් හමුවෙයි

යුක්‍රේන යුද බිමේ සිටින සොල්දාදුවන්ගේ මව්වරුන් පිරිසක් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුණගැසී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ රුසියානු සොල්දාදුවන්ගේ මව්වරුන් 17 දෙනෙකු මෙම විශේෂ සාකච්ඡාව සඳහා එක්ව සිටි බවයි.

ජනාධිපතිවරයාට එල්ලවී ඇති චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා වී ඇති අතර, ඔවුන්ගෙන් ජනාධිපතිවරයා වෙත පැමිණිලි කිහිපයක් ද ඉදිරිපත්කර ඇති බව සඳහන්.

සීත කාලය ආරම්භවීමත් සමඟ අධික ශීතලක් පැවතීම, යුද්දයට එක්ව සිටින බහුතරයක් සෙබළුන්ට ප්‍රමාණවත් පුහුණුවක් ලබානොදීම සහ ආයුධ ප්‍රමාණවත් නොවීම යන පැමිණිලි මව්වරුන් විසින් ජනාධිපතිවරයා වෙත සිදුකර තිබෙනවා.

යුක්‍රේන යුද්ධය ආරම්භයේ සිට මේ දක්වා රුසියානු සොල්දාදුවන් ලක්ෂයක් පමණ මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කර තිබුණේ.

“අපි ඔබේ වේදනාව බෙදාගන්නවා, පුතෙකුගේ වියෝව කිසිවකට ප්‍රතිස්ථාපනය කළ නොහැකියි ” යනුවෙන් මෙහිදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තමන්ව මුණ ගැසීමට පැමිණි මව්වරුට පවසා ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?