AFC Banner
Empty Ad

යුක්‍රේන ජනාධිපතිගේ නම අපරාධකරුවන්ගේ ලැයිස්තුවකට එක්වෙයි

යුක්‍රේනයේ ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට රුසියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තිරණය කර තිබෙනවා.

යුක්‍රේන ජනාධිපතිවරයා අපරාධමය වරදක් සිදුකර ඇති බව රුසියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශ වෙබ් අඩවියේ සඳහන්.

සෙලෙන්ස්කිගේ සම්පූර්ණ නම, උපන්දිනය, උපන් ස්ථානය සහ ඡායාරූපයක් රුසියානු ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ ප්‍රදර්ශනය කර තිබෙනවා.

නමුත් සෙලෙන්ස්කිගේ නම අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට ඔහු කළ වරද කුමක්දැයි රුසියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කිසිදු සඳහනක් කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
7
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?