AFC Banner
Empty Ad
Empty Ad

යුක්රේන ආක්‍රමණය නිසා තෙල් මිලට සිදුවූ දේ

රුසියාව විසින් යුක්රේනය ඉලක්ක කර ගනිමින් හමුදා මෙහෙයුම් ඇරඹීමත් සමග ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල වසර 07කට පසුව ඩොලර් 100 අගය ඉකමවා ගොස් තිබෙනවා.

බ්‍රෙන්ට් හි ඉන්ධන බැරලයක මිල අමෙරිකානු ඩොලර් 102.27ක් ලෙස ඉහළ ගොස් ඇත. මේ අතර ඔපෙක් හි ඉන්ධන බැරලයක මිල අමෙරිකානු ඩොලර් 97.94ක් ලෙස සටහන්ව තිබෙනවා.

යුක්රේනය ආක්‍රමණය කිරිමේ නියෝග නිකුත් කළ බවට රුසියානු ජනාධිපති ව්ලැදීමිර් පුටින් ප්‍රකාශ කිරීමත් සමග බොහෝ රටවල් වල කොටස් වෙළෙඳපොළවල් කඩා වැටීමකට ලක්ව තිබෙනවා.

ආසියාවේ පිහිටි ප්‍රධාන කොටස් වෙළෙඳපළවල් වන හොංකොං හි Hang Seng ‍කොටස් වෙළෙඳපොළ සියලු කොටස් අගය 3.2% කින්, ජපානයේ Nikkei කොටස් වෙළෙඳපොළ 2.4%, චීනයේ Shanghai 0.9% කඩා වැටීමකට ලක්ව ඇත.

මිට අමතරව අමෙරිකාවේ Dow 2.4%ක් සහ Nasdaq 2.8%ක් කොටස් වෙළෙඳපොළ කඩා වැටීමකට ලක්ව ඇත. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?