යුක්රේනයේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයකට රුසියාවෙන් ප්‍රහාරයක්

රුසියානු හමුදා ඊසානදිග යුක්රේනයේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයකට ගුවනින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් කිහිප දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ඔහු සඳහන් කර ඇත්තේ ඊයේ රාත්‍රී එල්ල වූ ප්‍රහාරයෙන් පසු හටගත් ගින්න මැඩ පැවැත්වීමට සහන කණ්ඩායම් උත්සාහ කරන බවයි.

මෙවැනි ත්‍රස්තවාදීන් පරාජය කිරීම ජීවිතය අගයන සෑම කෙනෙකුටම ගෞරවයක් බව ද යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් අදහස් දක්වා නැහැ.

සමාජ මාධ්‍ය ඔස්සේ තැබූ සටහනක සෙලෙන්ස්කි මහතා මෙම ප්‍රහාරය සහ රුසියාවේ ක්‍රියාකාරකම් විස්තර කර ඇත්තේ සරලව ජීවත් වීමට ඉඩ දෙන සියල්ල විනාශ කිරීමට උත්සාහ කරන “මෘගයන්” ලෙසටයි.

ප්‍රහාරයෙන් කොපමණ ප්‍රමාණයක් මිය ගොස් ඇත්ද යන්න සහ තුවාල ලැබුවේ ද යන්න ඔහු හෙළි කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රුසියානු ප්‍රහාර එල්ල වී ඇත්තේ කාර්ය මණ්ඩලයේ 11 දෙනෙකු සමඟ රුසියානු නෞකාවකට යුක්රේනය මුහුදේදී පහර දුන් බවට චෝදනා එල්ල වීමෙන් අනතුරුවයි.

කර්ච් සමුද්‍ර සන්ධියේදී එල්ල වූ එම ප්‍රහාරයෙන් සිග් නෞකාවේ එන්ජින් කාමරයට හානි සිදුව ඇති බව රුසියානු නාවික නිලධාරීන් ප්‍රකාශ කළා. එහෙත් ඉන් කිසිවෙකුට තුවාල සිදුවී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් අමෙරිකන් ජෙප්පො ටිකක් ඉන්නේ..ටැක්ස් එක අඩු කරලා ඉන්ධන දෙනවා කිව්වා..දැන් කරපන්කෝ ඉතින්
04:21
Video thumbnail
ගියපාර ඉරානයට ෂොට් එක දෙද්දි "ඔබාමාට එන්න කියාපිය" කියලා තමයි අනුරලා පිකෙටින් කළේ..දැන් කට කොයි
05:29
Video thumbnail
ඉරාන නැව ගැන මුජිබුර්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..ජනපති මධ්‍යස්ත නෑ - ඉන්නේ යුද්දෙ එක්ක
09:04
Video thumbnail
සීගිරියේ ලොකුම හෝටලය කාලයක් තිස්සේ කරපු කැත වැඩ ඔක්කොම මාට්ටු..වනජීවී අපරාධ රාශියක් කරලා
06:02
Video thumbnail
කළු ගඟ ඉවුර ගොඩ කරලා කෙසෙල් ගස් හදලා..මේ විනාශය බලධාරින්ට පේන්නේ නැද්ද ?මේකද ආණ්ඩුවේ වෙනස ?
03:11
Video thumbnail
මහ ගින්නක් ගමකට කරපු ලොකු විනාශය..උඩින් පත්තුවෙනවා..එන්න එන්න කට්ටිය
01:15
Video thumbnail
SLFP එක ලොකු සෙට් එකක් මැයි රැළියට ගෙන්නන්න හදන්නේ ? 10000කට වැඩි ගාණක් ගෙන්නනවා
03:07
Video thumbnail
නිවාඩු දිනයේදි බාහිර පන්ති පැවැත්වූ ගුරුවරු දෙදෙනෙකුට වැඩ වරදියි..පන්තිය නවතා - ළමයි ටික යවයි
01:27
Video thumbnail
හත් දෙයියනේ බය වෙන්නේ නැද්ද..බෝම්බයක් දැක්කම
01:05
Video thumbnail
"හත් දෙයියනේ බය වෙන්නේ නැද්ද..බෝම්බයක් දැක්කම..අපි කෞතුකාගාරයේ විතරයි දැකලා තියෙන්නේ"
01:30