spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යුක්රේනයේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයකට රුසියාවෙන් ප්‍රහාරයක්

රුසියානු හමුදා ඊසානදිග යුක්රේනයේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයකට ගුවනින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් කිහිප දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ඔහු සඳහන් කර ඇත්තේ ඊයේ රාත්‍රී එල්ල වූ ප්‍රහාරයෙන් පසු හටගත් ගින්න මැඩ පැවැත්වීමට සහන කණ්ඩායම් උත්සාහ කරන බවයි.

මෙවැනි ත්‍රස්තවාදීන් පරාජය කිරීම ජීවිතය අගයන සෑම කෙනෙකුටම ගෞරවයක් බව ද යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් අදහස් දක්වා නැහැ.

සමාජ මාධ්‍ය ඔස්සේ තැබූ සටහනක සෙලෙන්ස්කි මහතා මෙම ප්‍රහාරය සහ රුසියාවේ ක්‍රියාකාරකම් විස්තර කර ඇත්තේ සරලව ජීවත් වීමට ඉඩ දෙන සියල්ල විනාශ කිරීමට උත්සාහ කරන “මෘගයන්” ලෙසටයි.

ප්‍රහාරයෙන් කොපමණ ප්‍රමාණයක් මිය ගොස් ඇත්ද යන්න සහ තුවාල ලැබුවේ ද යන්න ඔහු හෙළි කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රුසියානු ප්‍රහාර එල්ල වී ඇත්තේ කාර්ය මණ්ඩලයේ 11 දෙනෙකු සමඟ රුසියානු නෞකාවකට යුක්රේනය මුහුදේදී පහර දුන් බවට චෝදනා එල්ල වීමෙන් අනතුරුවයි.

කර්ච් සමුද්‍ර සන්ධියේදී එල්ල වූ එම ප්‍රහාරයෙන් සිග් නෞකාවේ එන්ජින් කාමරයට හානි සිදුව ඇති බව රුසියානු නාවික නිලධාරීන් ප්‍රකාශ කළා. එහෙත් ඉන් කිසිවෙකුට තුවාල සිදුවී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?