යාල වනෝද්‍යානයේදී තහනම් ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙක් මාට්ටු

යාල ජාතික වනෝද්‍යානයේ ගංජා හේනක් වගා කිරීම සදහා බිම් සකස් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනක් ඊයේ (02) වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

ගිනිඅවියක්,සතුන් දඩයම් කරන කම්බි මදු,මුව මස් සහ ගංජා බීජ සමග එම සැකකරුවන් දෙදෙනා වනෝද්‍යානයේ වැටලීම් අංශයේ වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වනෝද්‍යානයේ කලාප අංක එක ප්‍රදේශයේ දෙයින්ගේ වැව ආසන්නයේ සිදුකළ වැටලීමක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවයි පැවසෙන්නේ.

සැකකරුවන් තිස්සමහාරාමය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් යාල ජාතික වනෝද්‍යානයේ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?