AFC Banner
AFC Banner
Empty Ad

යාපනය A9 මාර්ගයත් යටවෙයි – වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

පෙරේදා (25) දිනයේ සිට ලැබෙන ඉහළ වර්ෂාපතනය හේතුවෙන් ගංගා, වැව් ගණනාවක් පිටාර ගලමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.පී. සුගීෂ්වර මහතා පවසනවා.

අධික වර්ෂාපතනය හේතුවෙන් නැගෙනහිර පළාතේ හැඩඔය, මොනරාගල – ලාහුගල ප්‍රදේශ ද ජලයෙන් යටවීම මෙන් ම පිටාර ගැලීම් ද ආරම්භ වී තිබෙනවා.

මහවැලි ගංගාවේ පහත්බිම් ද මේ වනවිට ජලයෙන් යට වී ඇති බවයි වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පැවසුවේ.

මුතුර්, සේරුවිල, වැලිකන්ද, එරාවුර්, කෝරලේ පත්තු යන ප්‍රදේශවල තවදුරටත් ගංවතුර තත්ත්වය වර්ධනය වෙමින් පවතිනවා.

එමෙන්ම අම්පාර – මුන්දෙනිය ප්‍රදේශයේ ඇති මහඔය ද පිටාර ගලා තිබෙනවා.

මේ අතර දැදුරු ඔයේ ද වාන් දොරටු සියල්ල ම විවෘත කර ඇති බවත් කුරුණෑගල – පුත්තලම තවදුරටත් ජලයෙන් යට වීමට ඉඩ ඇති බවත් වාර්තා වනවා.

එමෙන්ම මහව – බිංගිරිය ඇතුළු පහත් බිම් ජලයෙන් යටවීම නිසා දැඩි සැලකිල්ලෙන් සිටින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව එම ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මල්වතු ඔය පිටාර ගැලීම නිසා මේ වනවිට අනතුරු ඇඟවීමේ නිවේදන ද නිකුත් කර ඇති අතර රාජාංගණය, කැලණි ගඟ, කලා ඔය ගැන ද අවධානයෙන් පසුවන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

මේ අතර යාපනය A9 මාර්ගය ඕමන්තේ කොටසින් යට වී තිබෙනවා.

මේ හේතුවෙන් එම මාර්ගය භාවිත කරන්නන් විකල්ප මාර්ග වෙත යොමු වන ලෙසටයි පොලිසිය ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?