යාපනය ළමා නිවසයක සිටියදී අතුරුදහන්වු දැරියන් තිදෙනා සොයාගනියි

යාපනය,උරුම්පිරායි ප්‍රදේශයේ පිහිටි ළමානිවාසයකින් අතුරුදහන්වු දැරියන් තිදෙනා යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී සොයාගැනීමට හැකිවු බව කෝපායි පොලිසිය පවසනවා.

වයස අවුරුදු 14,15 හා 16 පසුවන වන මෙම දැරියන් තිදෙනා ළමා නිවසයේ රැදී සිටිය නොහැකි බව පවසමින් මෙලෙස පළාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම දැරියන්ගේ අතුරුදන් වීම පිළිබදව කෝපායි පොලිසිය වෙත ළමා නිවාසයේ පාලනාධිකාරිය දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය යාපනය දිස්ත්‍රික්කයේ සියළු පොලිස් ස්ථාන වෙත දැනුවත් කොට ළමුන් සොයා ගැනීමට සහය පැතුවා.

දැරියන් තිදෙනා පෙරේදා(15) යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයෙන් සොයාගෙන තිබු අතර,ළමා නිවසයේ රැදී සිටිය නොහැකි පිඩාවක් සිදුවන බව ඔවුන් පොලිසියට පවසා තිබෙනවා.

මුලතිව් හා උරුම්පිරායි ප්‍රදේශයන්හි මුල් පදිංචිය සහිත දැරියන් තිදෙනා සම්බන්ද ඉදිරි පරීක්ෂණ කෝපායි පොලිසිය විසින් සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?