යාපනය සරසවියේ ආචාර්යවරු දේශන වර්ජනය කරයි – ඉල්ලීම් පහකට විසඳුම් ඉල්ලයි

යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය අද (28) දිනයේ සිට නැවත දැනුම්දෙන තුරු දේශන වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාලයේ සියළුම පීඨයන්හි ආචාර්යවරුන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹි
බවයි වර්ජනයේ නිරත විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සඳහන් කළේ.

එම සංගමය ඊයේ (27) රැස්වීමෙන් පාඩු මෙම තීරණය ගෙන තිබෙනවා.

සිය ඉල්ලීම් වෙනුවෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙන තෙක් තමන් දේශන වර්ජනය කිරීමට කටයුතු කරන බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

විශ්ව විද්‍යාල ආචාරුයවරුන් ඉදිරිපත් කොට ඇති ඉල්ලීම් වන්නේ,

01.විශ්ව විද්‍යාල සිසුන්ගේ විනය විරෝධි ක්‍රියාවන් සිදුකළ සිසුන් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල කලා පීඨයේ පීඨාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනා පිළිගෙන පීඨාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිනොගත යුතු අතර, පීඨාධිපතිවරයාට නැවත
සිය සේවය සිදුකිරීමට නිදහස් වාතාවරණයක් ස්ථාපති කළ යුතුය.

02.විනය විරෝධි ක්‍රියාවන් සිදුකළ සිසුන්ට එරෙහිව පසුගිය සභා රැස්වීමේ දී ගැනුණු යෝජනා ක්‍රියාත්මක කිරීම.

03.අක්‍රමිකතා හා විනය විරෝධි ක්‍රියාවන් සම්බන්ධයෙන් සාක්ෂි ප්‍රයෝජනයට නොගෙන විනය ක්‍රියාමාර්ග ගැනීම පලනාධිකාරිය හිතාමතා ප්‍රමාද කිරීම හා විනය විරෝධි ක්‍රියාවන් සිදුකළ සිසුන්ට දඩුවම්වලින් නිදහස් වීමට ඉඩදීමේ ක්‍රියාවලිය නවතා දැමීම.

04.ගණිත හා සංඛ්‍යාලේඛන දේපාර්තමේන්තුවේ ගේට්ටු කඩා දමා දැමූ සිසුන් දෙදෙනාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග නොගත් පලනාධිකාරියට එරෙහිව පරීක්ෂණ පැවැත්විය යුතුයි. ශාස්ත්‍ර පීඨයේ විනය විරෝධි ක්‍රියාවන්ට සම්බන්ධ සිසුන්ට එරෙහිව
ක්‍රියාමාර්ග ගැනීම හා අදාළ සිදුවීම්වලට විනය විරෝධි ක්‍රියාමාර්ග නොගත් පාලනාධිකාරියට විරුද්ධව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පරීක්ෂණ වෙනුවෙන් මැදිහත්කර ගැනීම.

05.ශාස්ත පීඨයේ හා විද්‍යා පීඨයේ විනය විරෝධි ක්‍රියාවන්ට පියවර නොගෙන ඉවත්ව යන විනය පාලක සභාවේ සාමාජිකයින් සම්බන්ධයෙන් විශ්වාසය පළුදුවි ඇති අතර,විනය පාලක සභාව වෙත අයදුම්පත් කැඳවා නව සාමාජිකයින් පත් කරගත යුතු බවත්,විනය පාලක සභාවට නව සාමාජිකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල කොමිෂන් සභාව හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් කරගත යුතුයි.

අදාළ ඉල්ලීම් පහ ඉටුවන තෙක් තමන් දින නියමක් නොමැතිව දේශනවලින් ඉවත්වන බවයි එම විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් දැනුම් දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15