යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස හඳුන්වන පලාලි ගුවන්තොටුපොළේ මගී පර්යන්තය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ලබන වසරේ ජූලි මාසය වන විට අවසන් කිරීමට නියමිත බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කරනවා.
ව්‍යාපෘතියේ පළමු අදියර දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, දෙවන අදියර මෙම වසරේ ජුනි මාසය වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.
මගී පර්යන්තය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ අරමුණ වන්නේ රට තුළට වැඩි විදේශීය සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණීමට පහසුකම් සැලසීම සහ උතුරේ සංචාරකයින්ට සේවා සැපයීමයි.
මෙම ව්‍යාප්තිය රට පුරා අභ්‍යන්තර ගුවන් සේවා ශක්තිමත් කිරීම සඳහා නව අවස්ථා නිර්මාණය කරනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1
1



