යාපනයේ යළිත් මී උණ හිස ඔසවයි – තවත් මරණ දෙකක්

යාපනය දිස්ත්‍රික්කයේ පසුගිය වසර අග භාගයේ ශීඝ්‍රයෙන් පැතිර ගිය ලෙප්ටස්පයිරා හෙවත් මී උණ රෝගය වැළඳී සිටි තවත් පුද්ගලයින් දෙදෙනකු පෙරේදා (02) දින ජීවිතක්ෂයට පත් වූ බව යාපනය දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කලනිති මහත්මිය පවසනවා.

අද (04) පැවති මාධ්‍ය හමුවක දී එම අධ්‍යක්ෂවරිය පැවසුවේ මෙම මරණ දෙකම මී උණ ආසාදිතව සිදු වූ බවට තහවුරු වී ඇති බවයි.

දෙසැම්බර් මාසයේ දෙවැනි සතිය වන විට හඳුනා නොගත් වෛරසයක් හේතුවෙන් රෝගීන් සත් දෙනෙකු මියගිය බවට යාපනය රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

පසුව එම රෝග ලක්ෂණ ම පෙන්නුම් කළ රෝගීන් විශාල වශයෙන් යාපනය රෝහලට ඇතුළත් කිරීමත් සමග කොළඹ වසංගත රෝග විද්‍යා අංශයේ සෞඛ්‍ය නිලධාරීන් යාපනයට ගියේ එම රෝගී තත්ත්වය කුමක්දැයි පරීක්ෂා කිරීමටයි.

පසුව රෝගීන්ගේ සාම්පල රැගෙන පරීක්ෂා කළ විට හෙළි වූයේ එම රෝගීන්ගේ රුධිර සාම්පලවල මී උණ බැක්ටීරියාව අඩංගුව වන ඇති බවටයි.

කෙසේවෙතත් පසුව වෛද්‍ය අංශ මෙම මී උණ රෝගය පැතිරීම පාලනය කිරීමට පියවර ගත් බව ප්‍රකාශ කළා.

එලෙස පාලනය කළ පසුබිමකදියි නැවතත් මී උණ ආසාදිතව සිදු වූ තවත් මරණ දෙකක් වාර්තා වී ඇත්තේ.

ඒ අනුව මී උණ වැළඳීමෙන් යාපනය තුළ මියගිය ගණන 09ක් දක්වා ඉහළ යනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?