යාපනයේ යළිත් මී උණ හිස ඔසවයි – තවත් මරණ දෙකක්

යාපනය දිස්ත්‍රික්කයේ පසුගිය වසර අග භාගයේ ශීඝ්‍රයෙන් පැතිර ගිය ලෙප්ටස්පයිරා හෙවත් මී උණ රෝගය වැළඳී සිටි තවත් පුද්ගලයින් දෙදෙනකු පෙරේදා (02) දින ජීවිතක්ෂයට පත් වූ බව යාපනය දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කලනිති මහත්මිය පවසනවා.

අද (04) පැවති මාධ්‍ය හමුවක දී එම අධ්‍යක්ෂවරිය පැවසුවේ මෙම මරණ දෙකම මී උණ ආසාදිතව සිදු වූ බවට තහවුරු වී ඇති බවයි.

දෙසැම්බර් මාසයේ දෙවැනි සතිය වන විට හඳුනා නොගත් වෛරසයක් හේතුවෙන් රෝගීන් සත් දෙනෙකු මියගිය බවට යාපනය රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

පසුව එම රෝග ලක්ෂණ ම පෙන්නුම් කළ රෝගීන් විශාල වශයෙන් යාපනය රෝහලට ඇතුළත් කිරීමත් සමග කොළඹ වසංගත රෝග විද්‍යා අංශයේ සෞඛ්‍ය නිලධාරීන් යාපනයට ගියේ එම රෝගී තත්ත්වය කුමක්දැයි පරීක්ෂා කිරීමටයි.

පසුව රෝගීන්ගේ සාම්පල රැගෙන පරීක්ෂා කළ විට හෙළි වූයේ එම රෝගීන්ගේ රුධිර සාම්පලවල මී උණ බැක්ටීරියාව අඩංගුව වන ඇති බවටයි.

කෙසේවෙතත් පසුව වෛද්‍ය අංශ මෙම මී උණ රෝගය පැතිරීම පාලනය කිරීමට පියවර ගත් බව ප්‍රකාශ කළා.

එලෙස පාලනය කළ පසුබිමකදියි නැවතත් මී උණ ආසාදිතව සිදු වූ තවත් මරණ දෙකක් වාර්තා වී ඇත්තේ.

ඒ අනුව මී උණ වැළඳීමෙන් යාපනය තුළ මියගිය ගණන 09ක් දක්වා ඉහළ යනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16