AFC Banner
AFC Banner
Empty Ad

යාපනයේ ආයුධ කල්ලිය බඩුත් එක්ක මාට්ටු

යාපනය කෝපායි ප්‍රදේශයේ නිවසකට ඇතුලු වී දේපලවලට හානි කොට පලා යමින් සිටි කඩු කල්ලියක ප්‍රභලයින් තිදෙනෙකු කඩු, කෙටේරි සමගින් ඊයේ (04) දින අත්අඩංගුවට ගත් බව යාපනය පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පසුගිය 30 වනදා කොණ්ඩාවිල්හි පුද්ගලයින් 07 දෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී බරපතල තුවාල සිදු කිරීමේ ප්‍රධාන සැකකරුවන් බවට පොලීසිය සැක පල කර සිටිනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් විසින් කෝපායිහි නිවසකට ඇතුලු වී නිවැසියන්ට තර්ජනය කොට දේපලවලට හානි කොට යතුරුපැදියකින් සහ ත්‍රීරෝද රථයකින් පලා යමින් සිටියදී අදාල පිරිස ලුහුබැඳ අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී තියුණු කඩු දෙකක්, කෙටේරි දෙකක් සහ තවත් නවීකරණය කරන ලද තියුණු ආයුධයක්, යතුරුපැදිය හා ත්‍රීරෝද රථයද අත්අඩංගුවට ගනු ලැබුවා.

යාපනයේ සිදු වූ පුද්ගල පහරදීම්, දේපල හානි කිරීම සහ මංකොල්ල කෑම් ආදි අපරාධ රැසකට සම්බන්ධවූවන් බවට තොරතුරු ලැබී ඇති අතරම ඔවුන් සමඟ සෙසු සැකකරුවන් 16 දෙනෙකු පමණ තවත් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් පරික්ෂණ අරඹා ඇති බවටද යාපනය පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මාණිප්පායි, කොකුවිල් සහ කොණ්ඩාවිල් ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (05) දිනයේදී යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද යාපනය පොලීසිය වැඩිදුරටත් සඳහන් කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?