යාපනයේ ආයුධ කල්ලිය බඩුත් එක්ක මාට්ටු

යාපනය කෝපායි ප්‍රදේශයේ නිවසකට ඇතුලු වී දේපලවලට හානි කොට පලා යමින් සිටි කඩු කල්ලියක ප්‍රභලයින් තිදෙනෙකු කඩු, කෙටේරි සමගින් ඊයේ (04) දින අත්අඩංගුවට ගත් බව යාපනය පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පසුගිය 30 වනදා කොණ්ඩාවිල්හි පුද්ගලයින් 07 දෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී බරපතල තුවාල සිදු කිරීමේ ප්‍රධාන සැකකරුවන් බවට පොලීසිය සැක පල කර සිටිනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් විසින් කෝපායිහි නිවසකට ඇතුලු වී නිවැසියන්ට තර්ජනය කොට දේපලවලට හානි කොට යතුරුපැදියකින් සහ ත්‍රීරෝද රථයකින් පලා යමින් සිටියදී අදාල පිරිස ලුහුබැඳ අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී තියුණු කඩු දෙකක්, කෙටේරි දෙකක් සහ තවත් නවීකරණය කරන ලද තියුණු ආයුධයක්, යතුරුපැදිය හා ත්‍රීරෝද රථයද අත්අඩංගුවට ගනු ලැබුවා.

යාපනයේ සිදු වූ පුද්ගල පහරදීම්, දේපල හානි කිරීම සහ මංකොල්ල කෑම් ආදි අපරාධ රැසකට සම්බන්ධවූවන් බවට තොරතුරු ලැබී ඇති අතරම ඔවුන් සමඟ සෙසු සැකකරුවන් 16 දෙනෙකු පමණ තවත් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් පරික්ෂණ අරඹා ඇති බවටද යාපනය පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මාණිප්පායි, කොකුවිල් සහ කොණ්ඩාවිල් ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (05) දිනයේදී යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද යාපනය පොලීසිය වැඩිදුරටත් සඳහන් කරනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15