AFC Banner
Empty Ad
Empty Ad

යාපනයෙන් කැපුම් තුවාල සහිත මෘත දේහයක් හමුවෙයි

යාපනය ඌර්කාවතුරේ පොලිස් වසමට අයත් අල්ලෙයිපිඩ්ඩි ප්‍රදේශයේ තිබී කැපුම් තුවාල සහිත මෘත දේහයක් හමු වූ බව ඌර්වතුරේ පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අල්ලෙයිපිඩ්ඩි 03 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක් වන ගජේන්ද්‍රන් නැමැත්තෙක්.

අදාළ ප්‍රදේශයේ අලුතින් ඉදි කරනු ලැබූ ගොඩනැගිල්ලක් අසලදී මෙම මෘත දේහය හමුව ඇති අතර සිරුරේ පවතින කැපුම් තුවාල හේතුවෙන් එය ඝාතනයක් බවට පොලිසිය සැක පළ කරනවා.

ඒ අනුව මෘත දේහය පස්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ශික්ෂණ රෝහලට යොමු කොට ඇති අතර ඌර්කාවතුරේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?