AFC Banner
Empty Ad
Empty Ad

යළි විමල් ගැන කතා නෑ

තම දේශපාලන අනන්‍යතාවය ආරක්ෂා වන ආකාරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම ඉදිරියේ දී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා.

මින් ඉදිරියට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය ආරක්ෂා කර ගන්නා නමුත්, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තම පක්ෂයට වැඩි අවධානයක් යොමු කිරීමටත්, ඉදිරි දේශපාලන කටයුතුවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමටත් බලාපොරොත්තු වන බව ද ඔහු පෙන්වා දෙයි.

විමල් වීරවංශ මහතා සිදු කළ ප්‍රකාශය ගැන සමාව ඉල්ලන ලෙස තමා ඉල්ලීමක් කලත් ඔහු එය නොකර වෙනත් දේවල් කියමින් සිටි නමුත්, ඉදිරියේදී ඒ ගැන නැවත නැවත කතා කිරීමට බලාපොරොත්තු නොවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?