AFC Banner
Empty Ad
Empty Ad

යළිත් කණ්ඩායමට ආ පැතුම්ගෙන් සුපිරි අර්ධ ශතකයක්

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අද සිය 15 වන ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය රැස් කිරීමට සමත් වුණා.

බටහිර ඉන්දීය කොදෙවේ කණ්ඩායම සමඟ මේ වනවිට පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරගයේ දී පැතුම් මෙම අර්ධ ශතකය රැස් කළා.

ආබාධයෙන් පසු මෙම තරගයේ දී යළිත් කණ්ඩායමට එක් වූ පැතුම් පන්දු 58කදී වාර්තා කළ මෙම අර්ධ ශතකයට හතරේ පහර 07ක් සහ හයේ පහර එකක් ඇතුළත්.

මේ අතර පැතුම් සහ අවිශ්ක එක්ව ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල සඳහා ලකුණු 81ක සබඳතාවක් ගොඩනැඟුවා.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස අවිශ්ක දැවීයන විට ඔහු පන්දු 50කට මුහුණ දී ලකුණු 34ක් රැස්කරගෙන සිටියා.

මේ අතර වර්ෂාවෙන් තරගයට බාධා එල්ලවීම නිසා මේ වනවිට එක් ඉනිමක් පන්දුවාර 23කර සීමා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?