යල කන්නයේ වී වගාවට අවශ්‍ය ජලය සැපයීමට එකඟතාවක්

2023 යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය ජලය සැපයීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මහවැලි අධිකාරිය එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

මීළඟ යල කන්නයේ වගා කටයුතු සඳහා ජලය ලබා දීම සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සාකච්ඡාවක් පවත්වන ලද අතර එම සාකච්ඡාවේ දී මේ සඳහා එකඟත්වය පළ කළ බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය සඳහන් කළේ.

මහ කන්නයේ වී වගා කටයුතු මේ වනවිට අවසන්ව ඇති අතර බොහෝ ප්‍රදේශවල අස්වනු නෙළමින් පවතිනවා.

පසුගිය දිනවල පැවැති වර්ෂාවත් සමග සුළු වාරිමාර්ග, මහා වාරිමාර්ග හා මහවැලි අධිකාරිය යටතේ පවතින ජලාශ හා වැව්වල වගාවට අවශ්‍ය තරම් ජලය පවතින බව එම නිලධාරින් පවසන ලද බවත්, ඔවුන් විසින් වී වගාවට අවශ්‍ය ජලය ලබා දීමට එකඟත්වය පළ කරන ලද බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය ප්‍රකාශ කළා.

කෙසේ වුව ද යල කන්නයේ දී අතිරේක බෝග වගාවට ද ගොවි ජනතාව උනන්දු කරවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.

පසුගිය යල කන්නයේ වී වගාව සාර්ථක වීම මෙන්ම මෙවර මහ කන්නයේ දී වී මෙට්‍රික් ටොන් මිලියන 2.6ක අස්වැන්නක් ලැබෙනු ඇති බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර තිබෙන පුරෝකථන අනුව යල කන්නයේ වී වගා කිරීම මෙන්ම අනෙකුත් බෝග වගාවට අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුව බඩඉරිඟු, තල, මිරිස්, ලූණු, මුං, කව්පි හා උඳු වැනි අතිරේක බෝග වගාවන්ට අවශ්‍ය පොහොර හා බිම් සකස් කිරීමට රුපියල් 70,000ක ණය මුදලක් ගොවි ජනතාවට අවම පොලියක් යටතේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුබද්ධ විදේශීය ව්‍යාපෘතියක් වන SAPP- Small Scale Agriculture Participation Project යටතේ කටයුතු යොදා ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47
Video thumbnail
චමල් සංජීවගෙන් මෝදිට විශේෂ සංදේශයක්
05:27
Video thumbnail
අතුරදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් මතුවෙයි
01:03
Video thumbnail
ලතා අම්මාට සමුදෙන්න ටීචර් අම්මත් එයි
01:49


?