යල කන්නයේ වී මිලදී ගැනීම අද ඇරඹේ

මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම් අද (13) සිට ආරම්භ කරන බව රජය දැනුම් දෙනවා.

ඒ, අනුව මේ දිනවල වැඩිම වී අස්වනු නෙලනු ලබන අම්පාර දිස්ත්‍රික්කයෙන් වී මිලදී ගැනීට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

ස්ථාන 143ක ගබඩාවලින් වී මිලදී ගැනීම සඳහා මේ වන විට සැලසුම් සකස් කර ඇති බව වී අලෙවි මණ්ඩලය සඳහන් කරනවා.

මේ අතර මෙවර වී අලෙවි මණ්ඩලය වී මිලදී ගනු ලබන මිල ගණන් පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ, අනුව නාඩු කිලෝ වී කිලෝවක් රුපියල් 120ක්, සම්බා වී කිලෝවක් රුපියල් 130ක් , කීරි සම්බා වී කිලෝවක් රුපියල් 140ක් යන මුදලට වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගනු ලබනවා.

රජය විසින් වී මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 6,000ක මුදලක් වෙන්කර ඇති අතර, ඊට අමතරව ඔඩපන ණය යටතේ තවත් රුපියල් මිලියන 10,000ක මුදලක් වෙන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted