යල කන්නයේ වගා හානි වූ ගොවීන්ට වන්දි ගෙවීම ඇරඹෙයි

2023 යල කන්නයේ නියඟය හා ගංවතුර හමුවේ සිදුවූ වගා හානි සඳහා මෙතෙක් ඉතිහාසයේ ගෙවා ඇති වැඩිම වන්දි මුදල ගොවි ජනතාවට ගෙවීම වගා හානි සිදුවී මාස දෙකක් ගත වෙන්නට පෙර ආරම්භ කිරීමට හැකි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

2023 වසරේ යල කන්නයේ වගා හානි සඳහා වන්දි මුදල් ප්‍රදානය කිරීමේ පළමු අදියර අද (19) පෙරවරුවේ අඟුණකොළපැලැස්සේ දී සිදු වූ අතර එහිදී අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ.

කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය විසින් රජයේ මුල්‍ය ප්‍රතිපාදන ලැබෙන තෙක් එම මණ්ඩලය සතු මුදල් ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 389ක් මෙම පළමු අදියර සඳහා වැය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා හානි සිදුවූ ගොවීන් 375කට අමාත්‍යවරයා අතින් වන්දි මුදල් ප්‍රදානය කෙරුණා. මෙම වන්දි මුදල් ලබා දීමේදී වී, මිරිස්, අර්තාපල්, බඩඉරිඟු, සෝයා බෝංචි හා ලොකු ලූනු යන බෝග සඳහා වන්දි පිරිනැමෙනවා. ඒ යටතේ නියඟය, අධික වර්ෂාව හා වන අලින්ගෙන් සිදුවන හානි සැළකිල්ලට ගෙන මෙම වන්දි පිරි නැමෙනු ඇති.

දැනට සිදු කර ඇති සමීක්ෂණ අනුව නියඟය හේතුවෙන් අක්කර 65,000ක් ද, වර්ෂාව හමුවේ අක්කර 11,000ක් ද හානියට පත්ව තිබෙනවා. හෙක්ටෙයාර් එකකට රුපියල් 100,000ක් බැගින් උපරිමයකට යටත්ව වගා හානි වන්දි ලබා දීම සිදු කෙරෙනවා.

අද වන්දි ප්‍රදානය කිරීම අනුව හම්බන්තොට මහවැලි බල ප්‍රදේශයේ අක්කර 13,451කට රුපියල් මිලියන 360ක් හා චන්ද්‍රිකාවැව, කොළොන්න, පනාමුරේ හා තිබොල්කැටිය ගොවිජන බලප්‍රදේශවල අක්කර 89ක් සඳහා රුපියල් 2,498,400ක මුදලක් ප්‍රදානය කරනු ලැබුවා.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා,

2023 යල කන්නයේ දී බලපෑ විශාල නියඟය හා ඊට පසු පැවැති අධික වර්ෂාව නිසා අපේ ගොවි ජනතාවට විශාල දුක් ගැහැටවලට මුහුණ දීමට සිදු වුනා. රටේ ආර්ථික අර්බුදකාරි තත්ත්වයක් පැවැතියත් ගොවි ජනතාවට යම් සහනයක් ලබා දෙන්න ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එකඟත්වය පළ කළා. මින් පෙර කිසිදු අවස්ථාවක කෙටි කාලයක් තුළ වගා හානි වන්දි ගෙවීමට පියවර ගෙන නැහැ. සාමාන්‍යයෙන් වගා හානි වන්දි ගෙවන්නේ අවුරුද්දක් පමණ කාලයකට පසුවයි. නමුත් මෙවර අපි මාස දෙකක් ගතවීමට මත්තෙන් වගා හානි වන්දි ගෙවීම ආරම්භ කළා.

වගා හානි වන්දි ගෙවීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන රජයෙන් තවමත් ලැබී නැතත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සතු මුල්‍ය ප්‍රතිපාදන යොදා ගනිමින් වන්දි ගෙවීම ආරම්භ කරන ලෙස මම එම මණ්ඩලයට උපදෙස් දුන්නා.

වගා හානි සඳහා හෙක්ටයාර් එකකට රුපියල් 100,000ක් ලබා දීම සමහර විට ප්‍රමාණවත් නොවන්නට පුළුවන් බව අපි දන්නවා ඒ වුනත් මෙවර විශාල වන්දි මුදලක් ගෙවන්නට සිදුවෙනවා. එම මුදල මෙතෙක් ඉතිහාසයේ වගා හානි සඳහා ලබා දෙන වැඩිම මුදල විය හැකි යැයි අපි උපකල්පනය කරනවා.

වගා හානි සිදුවූ ගොවි ජනතාව සිටින්නේ ඉතාමත් අපහසුවෙන්. ඒ අයට තවදුරටත් වගාව සදහා වැය කරන්න මුල්‍ය ප්‍රතිපාදන නැහැ. ඒ නිසා මෙම වගා හානි වන්දි කඩිනමින් ලබා දීම මත ඒ අයට කිසියම් සහනයක් ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.

ඒ වගේම සියලුම වගා හානි සිදුවූ ගොවි ජනතාවට ඉන්ධන ලීටර් 40 බැගින් නොමිලයේ ලබා දීමත් අද දින අපි ආරම්භ කරනවා. චීන රජය විසින් අපිට ලබා දුන් ඉන්දන ලීටර් මිලියන 6.9කින් තවත් ලීටර් මිලියන දෙකක් ඉතිරිව තිබෙනවා. එම ඉන්දන තොගය වගා හානි සිදු වූ ගොවි ජනතාවට ලබා දීමට අපි තීරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22