යල කන්නයේ පොහොර සහනාධාරය අද සිට

යල කන්නයේ පොහොර සහනාධාර අද (22) සහ හෙට (23) මුදාහරින බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ, අනුව අද සහ හෙට දින දෙක තුළ මුදාහරින මුදල රුපියල් මිලියන 157ක්.

දිස්ත්‍රික්ක 09ක් සඳහා එම මුදල් මුදාහරින බවයි ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ පැවසුවේ.

පොහොර සහනාධාරය කුඹුරු අක්කර එකක් සඳහා රුපියල් 25,000 බැගින් අක්කර 02 කට යටත්ව ලබාදෙනවා.

මේ අතර යල කන්නයේ සිට; වී නොවන වෙනත් බෝග වගාවන් සඳහා හෙක්ටෙයාරයකට රුපියල් 15,000 බැගින් හෙක්ටෙයාර දෙකක උපරිමයකට යටත්ව පොහොර සහනාධාරය ලබාදෙන බවයි කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?