AFC Banner
AFC Banner
Empty Ad

යල කන්නයට වී ගන්න බැංකු හරහා ණය යෝජනා ක්‍රමයක්

2024 යල කන්නය සඳහා වී මිල දී ගැනීම පිණිස සහනදායී පොලී අනුපාතයක් යටතේ බැංකු හරහා ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව තිබෙනවා.

ඒ යටතේ මෙම වසරේ යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා ඔඩපණ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් අනෙකුත් අදාළ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු නියෝජිතයින් සමග සාකච්ඡාවක් ද පවත්වනු ලැබුවා.

එම සාකච්ඡාවේ දී එළඹ ඇති එකඟතාවන්ට අනුව මෙම යල කන්නයේ දී සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්, වී ගබඩා හිමිකරුවන් සහ වී තොග රැස් කරන්නන් වෙත සහභාගීත්ව බැංකු ආයතන හරහා රුපියල් මිලියන 6000ක ඔඩපණ ණය සහනදායී පොලී අනුපාතයක් මත නිකුත් කිරීම පිණිස සහ ඒ හා සම්බන්ධ අනෙකුත් පියවර ගැනීම පිණිස මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අනුමැතිය හිමිවූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?