යමෙකුගේ සිත රිදුනා නම් සමාවෙන්න

පසුගිය දිනයක දුලිකා මාරපන විරෝධතාවයක් අතරතුරදී පැවසූ කාරණාවක් සම්බන්ධයෙන් රසිකයන් බොහෝ දෙනා ඇයට දරුණු ලෙස බැන වැදී තිබුනු අප මුහුනුපොතේ දුටුවා.
ඇය ජොන්ස්ටන ඇමතිවරයා සම්බන්ධ කාරණාවක දි ජනප්‍රිය ගායක අතුල අධිකාරී සම්බන්ධ කරමින් මෙම ප්‍රකාශය සිදු කලා.
එමෙන්ම අදාල ප්‍රකාශය සම්බන්ධයෙන් කාවින්ද්‍යා අධිකාරී විසින්ද සංවේදි සටහනක් මුහුණුපොතේ පලකර තිබුනා.

කෙසේ නමුත් දුලීකා මාරපන එම ප්‍රකාශය සම්බන්ධව ඇගේ මුහුනුපොත් ගිනුමේ මෙවන් සටහනක් යොදා තිබුනා.
සටහන පහතින් ,

මාගේ ආදරණීයයන් කිසිවකුගේ සිතරිදවීමට හෝ අපහාස කිරීමට උවමනා වක් නැත .යමෙකුගේ සිත රිදුනා නම් සමාවෙන්න 🙏 නමුත් ජොන්ස්ටන් පාර්ලිමේන්තුවේ කල ප්‍රකාශය මා එක හෙලා විරුද්ධයි . මන්ද ඔහු සිතා සිටිනවා නම් මේ ජනතා අරගලය මර්ධනය කිරීමට , ආයුධවලින් , ඔහුට කියන්නට ඇත්තේ ඔහුත් මේ රටේ සිරගත කල යුතු තවත් එක දූෂිත , අමන ,වංචාකාරී දේශපාලකයෙක් කියාය. ඉතිහාසයේ පටන් මැර බලයෙන් ජනතාව සමග ගනුදෙනු කිරීම ඔහුට පුරුද්දක් ඇති බව රටම දනිමු .සතොස හොරකම් වංචාවන් අපි හොදින් දනිමු. කුරුනෑගල රෙසවේශන් ඉඩම් වලට වගකිවූවන්ද අපි දනිමු .කුරුණෑගලට නොගිහින් තවමත් කොළඹ city hotel නතරවී සිටින්නේද එනිසාය. නිවෙන්නට ආසන්න වූ කල පහන්දැල්ල වේගයෙන් නටන්නා සේ වියරුවෙන් දගලන කැනහිලුන් අපි උත්තරීතර පාර්ලිමේන්තුවට යැවීමේ ප්‍රතිපල අපි භුක්ති විදිමු. බලයට තන්හාවෙන් කෑදරකමින් නිධානයට අරක්ගත් කුම්භාන්ඩයත් මෙන් තවමත් මෙය අත්නොහැර සිටින්නේ , මෙහි වරප්‍රසාද වරදාන කෙසේ ඇත්දැයි උපකල්පනය කරන්නට වත් අපිට නොහැක . මේ රට ගොඩගන්න කොටින් ගෙන් ගත් රත්තරං හා ආයුධ විකුනූ මුදල්ම ප්‍රමානවත්ය . ඒවා අල්ලන කොට කීවේ රටේ සංවර්ධනයය යොදනවා කියාය.නමුත් අවසානයේ රට අගාධයෙන් අගාධයට යනතුරු දේශපාලුවෝ හාල් ගැරුවෝය .නාසය ලගට වතුර එන තෙක් අපි බලා සිටියෙමු….

image 37
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
81
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21
Video thumbnail
වාහනයෙන් ගිය හරිනිට විමල් ඇතුළු සෙට් එක හූ..කියයි
00:33
Video thumbnail
සත්‍යග්‍රහයට ආ අපිලාගේ සාදුගෙන් අධ්‍යාපන ලේකම්ට සැර සත්තමක්.."මේකා හරිනිට කඩේ යනවා"
06:36
Video thumbnail
විමල්ගේ සහයට තවත් ප්‍රබලයෙක් එකතුවෙයි
04:04


?