විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වී බංග්ලාදේශය බලා පිටත්ව ගිය පාකිස්තාන ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් ඩුබායි ගුවන් තොටුපළ හරහා ගමන් කරන විට කොට්ටයක් රැගෙන යන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යවල පසුගියදා සංසරණය විය.
යූ ටියුබ් හි සම්මුඛ සාකච්ඡාවකදී, පාකිස්තාන කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් හෙළි කළේ එය නිදා සිටියදී බෙල්ලට සහනයක් ලබා දීම සඳහා භාවිතා කළ ඖෂධ කොට්ටයක් බවයි.
“කොට්ටය සම්බන්ධයෙන් ගත් කල, එය මා භාවිතා කරන ඖෂධීය කොට්ටයක් වන්නේ ඔබ දන්නා පරිදි කඩුලු රකින්නෙකු වීම නිසා බෙල්ලේ පිට නිතරම ගැටලුවක් ඇති වන බැවිනි. පන්දු රැකීමේදී හෝ පන්දුවට පහරදීමේදී නිරන්තරයෙන් හිස්වැසුම් පැළඳීම හේතුවෙන් සමහර විට බෙල්ලේ මාංශපේශී තද වී හෝ දැඩි වෙන බවත් මේ නිසා මට සුවසේ නිදාගන්නට බෙහෙත් කොට්ටය යොමුකර ඇත. ඔබ දන්නා පරිදි සුවය ලැබීමේ කාලවලදී හොඳින් නිදා ගැනීම ඉතා වැදගත් වේ, ”ඔහු සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ.
“සමහර වෙලාවට, මම කිසිම අවස්ථාවක් ගන්න කැමති නැති නිසා මම කොට්ටයත් එක්ක ගමන් කරනවා ඔයාට පේනවා. කොට්ටය නොමැතිව එක රැයක්වත් ගත කිරීමට මට අවශ්යම නැත, එබැවින් මම එය කලින් එවීමට වඩා එය තනිවම රැගෙන යාමට කැමැත්තෙමි, ”රිස්වාන් වැඩිදුරටත් පැවසුවා .
පාකිස්තානයේ T20 ලෝක කුසලාන ගමන අවසන් වීමෙන් පසුව, නොවැම්බර් 19 වනදා ආරම්භ වන මව්රටට එරෙහිව T20 සහ ටෙස්ට් තරඟාවලියක් සඳහා ජාතික සංචිතය සෙනසුරාදා අලුයම බංග්ලාදේශයට පැමිණියේය.