AFC Banner
AFC Banner
Empty Ad

යන තැනක් නොදැන ආ යුවළ පොලිසියෙන් නතර වෙයි

ස්ථිර ගමනාන්තයක් නොදැන තැරැව්කරුවෙකුගේ උපදෙස් මත ශ්‍රී ලංකාවෙන් පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි යාපනය ප්‍රදේශයේ තරුණයෙකු සහ තරුණියක ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය ප්‍රදේශයේ පදිංචි ඔවුන් අතරින් තරුණයා 27 හැවිරිදි අයෙක් වන තර තරුණිය 19 හැවිරි වියෙහි පසු වනවා.

ඔවුන් දෙදෙනා සංචාරක වීසා මත අද පස්වරු 01.30ට ඩුබායි බලා පිටත්ව යාම සදහා ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8D -821 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එම ගුවන් සේවා නිලධාරීන් ඔවුන්ගේ ලියකියවිලි ලබා ගෙන නිශ්කාශන කටයුතු සිදු කරමින් සිටියදී, ඔවුන්ගේ සැක කටයුතු හැසිරීම මත ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

එහිදී මෙම යුවළගේ ගමන් මලු නිරීක්ෂණය කිරීම්වලදී එහි තිබී ප්‍රංශය සහ ජපානය වෙත යාම සඳහා ව්‍යාජ තොරතුරු ඇතුළත් කර වංචනිකව ලෙස සකස් කළ වීසා බලපත්‍ර දෙක බැගින් සොයා ගනු ලැබුවා.

ඒ පිළිබඳ වැඩිදුරටත් තොරතුරු විමසීමේදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ තැරැව්කරුවෙකුට රුපියල් ලක්ෂ 06ක මුදලක් ගෙවා මෙම වීසා බලපත්‍ර සකස් කර ගත් බවයි. ඒවා මීගමුව ප්‍රදේශයේ තාවකාලික නවාතැන් පළක දී ඔහු තමන්ට භාර දුන් බවත්, තමන් ඩුබායි වෙත ගිය පසු තමන්ට ඊළඟට පිටත් විය යුතු ගමනාන්තය දැනුම් දෙන බව එම තැරැව්කරුවා තමන්ට ප්‍රකාශ කළ බවයි සඳහන් කර ඇත්තේ. එතෙක් තමන්ගේ ගමනාන්තය පිළිබඳව කිසිවක් නොදන්නා බව ද ඔවුන් එම නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව මොවුන් දෙදෙනා අත් අඩංගුවට ගත් ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
4
+1
2
+1
2
+1
6
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?