යතුරුපැදි අනතුරකින් 15 හැවිරිදි පිරිමි ළමයෙකු ජීවිතක්ෂයට

පාලුඩවල අතරගල්ල මාර්ගයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් 15 හැවිරිදි පිරිමි ළමයෙකු මියගොස් තිබෙනවා.

ඔහු තවත් දෙදෙනෙකු සමග යතුරුපැදියක් පදවා ගෙන යමින් සිටියදී එය ඇල මාර්ගයකට පෙරළිමෙනුයි ඊයේ අලුයම මෙම අනතුර සිදුවී තිබුණේ.

මෙම පිරිමි ළමයාට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව අතරගල්ල වැවේ සිට පාලුකඩවල වැවට ජලය ගෙන යන පේමිණි ඇළට පෙරලීමෙන් අනතුර සිදුවී තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරුවන් දෙදෙනා ගල්ගමුව රෝහලට ඇතුලත් කිරීමේදීයි යතුරුපැදිය පැදවූ පිරිමි ළමයා මියගොස් ඇත්තේ.

ඔහු ගල්ගමුව මකුලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අවුරුදු 15 සහ 17 වයස්වල පසුවන මෙම පිරිමි ළමයින් තුන්දෙනා සල්පිලක් නැරඹීමට අතරගල්ලට ගොස් එන අතරමගදීයි යතුරුපැදිය පේමිණි ඇලට පෙරලී ඇත්තේ.

මියගිය සිසුවාගේ මව සහ පියා නොමැති අතර මිත්තණිය සමග ජීවත් වී ඇති බවට අනාවරණ වී තිබෙනවා.

මියගිය පිරිමි ළමයා දිඹුලාගල මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් බව සඳහන්.

ඔවුන් ඇලට වැටී දියේ ගිලෙමින් සිටින ආකාරය දුටු ප්‍රදේශවාසීන් මෙම සිසුන් බේරාගෙන රෝහල් ගතකර තිබුණා.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතීන්ට භාරදී ඇති අතර ගල්ගමුව පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27