Empty Ad
AFC Banner
Empty Ad

යතුරුපැදි අනතුරකින් තරුණයෙක් මරුට

බුලත්සිංහල නාරගල ප්‍රදේශයේදී යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ (13) සවස බුලත්සිංහල සිට හොරණ දෙසට ධාවනය වූ යතුරුපැදිය පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගේට්ටු කණුවක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු හොරණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙක්.

මෘත ශරීරය හොරණ රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් බුලත්සිංහල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?