අවිස්සාවේල්ල, පුවක්පිටිය, ඉලුක්පිටියේ ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිමෙන්ති පැටවූ කන්ටේනර් රථ යතුරුපැදියක් ගැටීමෙන් අද (29) මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.
අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් පොලිස් නිලධාරික් එම ස්ථානයේ දීම ජීවිතක්ෂය පත්වූ අතර, තවත් පොලිස් නිලධාරික් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා රාජකාරී කටයුත්තක් සඳහා යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
1
+1
5
+1
+1




